දේශීය

ගුවන්තොටුපොළවල සිරවී සිටි ලාංකිකයින් අතරින් 3 ක් දිවයිනට

(UTV | කොළඹ) – ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 33 දෙනා අතුරින් 3 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් ඩුබායි සහ මාලදිවයිනේ සිට පැමිණි ඇති බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේය.

අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ සෙසු ශ්‍රී ලාංකිකයින් 30 දෙනා ඉදිරි දින කිහිපය තුළ දිවයිනට ගෙන්වා ගැනීමට රජය අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

මෙලෙස දිවයිනට ගෙන්වා ගන්නා ශ්‍රී ලාංකිකයින් දින 21 ක කාලයක් නිරෝධායනය සඳහා යොමු කෙරෙනු ඇත.

ගුවන් තොටුපළ 13 ක සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 33 දෙනෙකු නැවත දිවයිනට ගෙන්වා ගැනීමට කැබිනට් අනුමැතියද හිමිවී තිබේ.

Related posts

අද විමල්ගේ පක්ෂයේ දේශපාලන තීන්දුවක්

Mohamed Dilsad

නරේන්ද්‍ර මෝදි මාර්තු මස ලංකාවට

Mohamed Dilsad

අදත් පැය 5ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment