දේශීය

ගුවන්තොටුපොළවල සිරවී සිටි ලාංකිකයින් අතරින් 3 ක් දිවයිනට

(UTV | කොළඹ) – ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 33 දෙනා අතුරින් 3 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් ඩුබායි සහ මාලදිවයිනේ සිට පැමිණි ඇති බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේය.

අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ සෙසු ශ්‍රී ලාංකිකයින් 30 දෙනා ඉදිරි දින කිහිපය තුළ දිවයිනට ගෙන්වා ගැනීමට රජය අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

මෙලෙස දිවයිනට ගෙන්වා ගන්නා ශ්‍රී ලාංකිකයින් දින 21 ක කාලයක් නිරෝධායනය සඳහා යොමු කෙරෙනු ඇත.

ගුවන් තොටුපළ 13 ක සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 33 දෙනෙකු නැවත දිවයිනට ගෙන්වා ගැනීමට කැබිනට් අනුමැතියද හිමිවී තිබේ.

Related posts

කුඩු සුරංග අත්අඩංගුවට

Mohamed Dilsad

ඇඳිරි නිතිය පනවා ඇති ප්‍රදේශවල වෙළෙඳසැල් සහ ඖෂධහල් හෙට විවෘතයි

Mohamed Dilsad

උසස්පෙළ සිසුන්ට කඩයිම් ලකුණු සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment