දේශීය

ගල්කිස්සේ අවන්හලක් පිටුපස නාඳුනන මළසිරුරක්

(UTV |කොළඹ ) – ගල්කිස්ස ප්‍රදේශයේ අවන්හලක වාහන අංගනයක තිබි නාඳුනන මළ සිරුරක් සොයා ගෙන තිබේ.

මරණකරු මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බව ගල්කිස්ස පොලිසිය විසින් සිදුකළ මුළික විමර්ශනවලදි අනාවරණ වී ඇත.

මෙතෙක් ඔහුගේ අනන්‍යතාවය තහවුරු වී නොමැති බව පොලීසිය පැවසුවේය.

ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසී අනුව මෘත ශරිරය අවට විෂ බිජ හරණයට ද ලක්කර තිබේ.

මෘත ශරිරය කළුබොවිල රෝහලේ තැන්පත් කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

Related posts

සංචාරකයින්ගේ තොරතුරු එක්රැස් කිරීමට නව මෘදුකාංගයක්

Mohamed Dilsad

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දත්ත රෙකෝඩරය මව් සමාගමට

Mohamed Dilsad

එජාප නායකත්ව තීරණය ලබන වසට කල් යයි

Mohamed Dilsad

Leave a Comment