දේශීය

ප්‍රදේශ දෙකක පුද්ගලයින් 67 දෙනකු නිරෝධායනය සඳහා යොමුකරයි

(UTV | රත්නපුර) –  කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් ඇසුරු කිරීම හේතුවෙන් රත්නපුර මුද්දුව හා පැල්මඩුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 67 දෙනකු නිරෝධායනය සඳහා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කර තිබේ.

රත්නපුර මුද්දුව ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ හිතවතුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හමුවේ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට සෞඛ්‍ය අංශ ගත් තීරණය අනුව අදාළ පිරිස දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන විත් ඇති බව යුද හමුදාව ප්‍රකාශ කරයි.

ඒ අනුව දින 21 ක නිරෝධායනය සඳහා ඔවුන් යොමු කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

 

Related posts

රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනය පිළිබඳ ජනපති උපදෙස්

Mohamed Dilsad

මාලිමාවේ ආසන සංවිධායකවරයෙක් අත්අඩංගුවට

Editor O

එකම මැතිවරණය වරින්වර පැවැත්වීමෙන් සැබෑ ජනමතය ප්‍රදර්ශනය වෙන්නේ නැහැ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

Editor O

Leave a Comment