දේශීය

කොරෝනා වසංගතය නිසා ලොවපුරා සංචාරක රැකියා මිලියන 25ක් අවදානමේ

(UTV | කොළඹ ) – මේ වනවිට ලොව පුරා රටවල් රැසක් පනවා ඇති සංචාරක සීමාවන් හේතුවෙන් රැකියා මිලියන 25ක් අවදානමට ලක්ව ඇති බව නව විශ්ලේෂණයකින් අනාවරණය කරයි.

මෙම නවතම විශ්ලේෂණ වාර්තාව අනාවරණය කර ඇත්තේ ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය විසිනි.

ගෝලීය වශයෙන් මිලියන 65.5 ක පමණ ජනතාවගේ ජීවනෝපාය සංචාරක හා ගුවන් සේවා ක්ෂත්‍රය මත රඳා පවතින අතර කොරෝනා වසංගතයත් සමඟ එම සමාගම් මෙහෙයුම් කටයුතු නවතා දමා තිබේ.

මේ හරහා එම ක්ෂත්‍රයන්හි රැකියා මිලියන 25 ක් අවදානමට ලක්ව ඇති බවට නිරිකෂණය වි ඇති බව ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය පවසා ඇත.

එසේම ගුවන් සේවයේ මගී ආදායම ඩොලර් බිලියන 252 කින් පමණ පහත වැටෙනු ඇති බව ගණන් බලා තිබේ.

Related posts

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

Editor O

වීරකැටියේ වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙකු මරුට

Mohamed Dilsad

රාජිතගේ ඇප ඉල්ලීම නිශ්ප්‍රභ කරන්නැයි නීතිපතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment