දේශීය

සියලුම ඖෂධ අලෙවිසැල් හෙට විවෘත කෙරේ

(UTV |කොළඹ ) – හෙට(09) පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා දිවයින පුරා සියලු ඖෂධ අලෙවිසැල් විවෘත කර තැබිය යුතු බවට තීරණය වී තිබේ.

එදිනට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරෙන දිස්ත්‍රික්ක 19 පමණක් නොව අවදානම් කලාප ලෙස නම් කර තිබෙන දිස්ත්‍රික් ද ඇතුළුව මුළු දිවයිනේම ඖෂධ සැල් විවෘතව තැබෙනු ඇත.

සියලුම ආයුර්වේද රෝහල් ඇඳිරි නීති කාලය තුළ විවෘතව තැබීමට ද එහි දී තීරණය කෙරුණි.

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ලියාපදිංචි වී ඇති එක් බෙහෙත් ශාලාවකට හෝ ඇඳිරි නීතිය කාලය තුළ එම සේවා ජංගමව පවත්වාගෙන යාමටත් අවසර ලබාදී තිබේ.

විශාල පාරිභෝගික ඉල්ලුමක් ඇති කොත්තමල්ලි, ඉඟුරු සහ වෙනිවැල්ගැට ආනයනයට ද පියවර ගෙන ඇති අතර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ප්‍රතිකාර ලබන රෝගීන්ගේ නිවාස වෙත තැපැල් දෙපාර්තමේන්තුව හරහා ඖෂධ බෙදා හැරීමත් එම තීරණ අතර වෙයි.

Related posts

සපුගස්කන්ද තෙල් පිරිපහදුව විකුණා දැමීමේ සූදානමක් නැහැ

Mohamed Dilsad

හෙට හර්තාලයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහය

Mohamed Dilsad

සුපුරුදු පරිදි විදුලි කප්පාදුව අදත් ක්‍රියාත්මකයි – කාලසටහනත් නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment