දේශීයප්‍රමුඛ පුවත 1

ඇඳිරි නීති බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – ඇඳිරි නීති බලපත්‍ර අවසන් වන කාලය මෙම මස 30 වන දා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දුන් ඇඳිරි නීති බලපත්‍ර ද මීට අයත් වන බවයි.

ඊට අමතරව වරාය, නැව් සමාගම, රේගුව, ආගමන විගමන, සෞඛ්‍ය, ඛණිජ තෙල්, විදුලි සංදේශ, දුම්රිය සේවා, මහා භාණ්ඩාගාරය, මහබැංකුව ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික බැංකු මෙන්ම මාධ්‍ය හා සම්බන්ධ ආයතනවලට අදාළව නිකුත් කර තිබූ ඇඳිරි නීති බලපත්‍ර සහ රාජකාරී සේවා හැඳුනුම්පත් භාවිතය ද ඒ අනුව මෙම මස 30 වන දින දක්වා තවදුරටත් දීර්ඝ වේ.

Related posts

තවත් කොවිඩ් මරණ තුනක්

Mohamed Dilsad

සයිටම් ගැන අවසන් තීරණය 17

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට වැසිබර කාලගුණයක්

Mohamed Dilsad

Leave a Comment