දේශීයප්‍රමුඛ පුවත 1

ඇඳිරි නීති බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – ඇඳිරි නීති බලපත්‍ර අවසන් වන කාලය මෙම මස 30 වන දා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දුන් ඇඳිරි නීති බලපත්‍ර ද මීට අයත් වන බවයි.

ඊට අමතරව වරාය, නැව් සමාගම, රේගුව, ආගමන විගමන, සෞඛ්‍ය, ඛණිජ තෙල්, විදුලි සංදේශ, දුම්රිය සේවා, මහා භාණ්ඩාගාරය, මහබැංකුව ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික බැංකු මෙන්ම මාධ්‍ය හා සම්බන්ධ ආයතනවලට අදාළව නිකුත් කර තිබූ ඇඳිරි නීති බලපත්‍ර සහ රාජකාරී සේවා හැඳුනුම්පත් භාවිතය ද ඒ අනුව මෙම මස 30 වන දින දක්වා තවදුරටත් දීර්ඝ වේ.

Related posts

එක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

ඉන්ධන ආනයනය, බෙදා හැරීම සහ අලෙවියට අලුත් සමාගම්

Mohamed Dilsad

වනිදු හසරංගගෙන් වාර්තාවක්

Editor O

Leave a Comment