දේශීයප්‍රමුඛ පුවත 1

ඇඳිරි නීති බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – ඇඳිරි නීති බලපත්‍ර අවසන් වන කාලය මෙම මස 30 වන දා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දුන් ඇඳිරි නීති බලපත්‍ර ද මීට අයත් වන බවයි.

ඊට අමතරව වරාය, නැව් සමාගම, රේගුව, ආගමන විගමන, සෞඛ්‍ය, ඛණිජ තෙල්, විදුලි සංදේශ, දුම්රිය සේවා, මහා භාණ්ඩාගාරය, මහබැංකුව ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික බැංකු මෙන්ම මාධ්‍ය හා සම්බන්ධ ආයතනවලට අදාළව නිකුත් කර තිබූ ඇඳිරි නීති බලපත්‍ර සහ රාජකාරී සේවා හැඳුනුම්පත් භාවිතය ද ඒ අනුව මෙම මස 30 වන දින දක්වා තවදුරටත් දීර්ඝ වේ.

Related posts

CTB බස් රථ සඳහා මෙහෙයුම් පද්ධතියක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් 1814 ක් දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

මැතිවරණ කටයුතුවල යොදවන පොලිස් නිලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක්

Mohamed Dilsad

Leave a Comment