ප්‍රමුඛ පුවත 1

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

(UTV|කොළඹ) –  නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  පත් කරයි.

ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසිනි.

දැනට  වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර විශ්‍රාම යාමට නියමිතය.

මේ නිසා ලබන බදාදා නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ධූරයේ වැඩ භාර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

2001 වසරේ සිට වසර හතක් පමණ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ ධුරය දැරූ අනිල් ජාසිංහ මහතා අනතුරුව  දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළේය.පසුව  2012 වසරේ සිට මේ දක්වා  ඔහු කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන් බේබි පවුඩර්’ තහනම් කරයි

Mohamed Dilsad

තරුණ වරදකරුවන් පිළිබඳ ආඥා පනතට අනුමැතිය

Mohamed Dilsad

වැසි තත්ත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

Leave a Comment