ප්‍රමුඛ පුවත 1

වැසි තත්ත්වයේ වැඩිවීමක්

(UTV| කොළඹ) – දිවයිනේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අද (04) සිට බලපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර , වයඹ සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ. බස්නාහිර, මධ්‍යම, සබරගමුව,වයඹ සහ දකුණ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෙනස් වූ දුම්රිය ගාස්තු අද සිට

Mohamed Dilsad

විදේශයේ නිෂ්පාදිත පිස්තෝල 2 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තනතුරට

Mohamed Dilsad

Leave a Comment