ගොසිප්

වවුනියාව රෝහලේදී කොරෝනා සැක කාන්තාවක් මරුට

(UTV |වවුනියාව ) –  වවුනියාව රෝහලේ දී ඊයේ  මිය ගිය කාන්තාව කොරෝනා රෝගය හේතුවෙන් මිය ගිය බවට සැක මතුව තිබේ.

ඇය දින ගණනාවක් පැවති උණ රෝගය හේතුවෙන් ජිවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව වවුනියාව මහ රෝහල් අධ්‍යක්ෂක කේ.නන්දකුමරන් පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වවුනියාව,කට්කුලි ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවකි.

ඇය ඊයේ(01) රෝහල්ගතවීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇත.

ජිවිතක්ෂයට පත්වු කාන්තාවට දින ගණනාවක් උණ රෝගය පැවති බවට අනාවරණය වී තිබේ.

අනතුරුව මියගිය කාන්තාවගේ රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂණ සදහා යොමුකොට ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසීය.

පවතින සෞඛ්‍ය අවධානම් තත්වය හේතුවෙන් මියගිය කාන්තාවගේ මළ සිරුර රුධිර පරීක්ෂණ වාර්තා ලැබෙනතෙක් වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇත.

 

Related posts

රවී කරු පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට සුදානම්

Mohamed Dilsad

මොරටුවේ රේස් බයි රේස් ඔට්ටු නවතයි

Mohamed Dilsad

දිවයිනට පැමිණි බැසිල් රාජපක්‍ෂ පක්ෂය ගැන කියූ කතාව

Mohamed Dilsad

Leave a Comment