දේශීය

ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීමට පියවර

(UTV |කොළඹ ) – ශ්‍රී ලංකන් පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා වන තම යුතුකම පිළිබඳව සැමවිටම සැලකිලිමත් වන අතර ජාතික ගුවන් සේවයේ ව්‍යාපාරික අඛණ්ඩතාව සහතික කිරීම සඳහා ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය රටේ ආර්ථික අවශ්‍යතා සලකා බලමින් සෑම උත්සාහයක්ම දරමින් සිටියි.‍

COVID-19 වසංගතය හේතුවෙන් ගුවන් සේවා කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුණ දී සිටින අතර ගෝලීය වශයෙන් සමහර ගුවන් සමාගම් සිය ගුවන් යානා අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් මෙහෙයුම් නවතා දමමින්, අත්‍යවශ්‍ය නොවන සියලුම ව්‍යාපාරික කටයුතු අත්හිටුවමින් සහ කාර්ය මණ්ඩලය අනිවාර්ය වැටුප් රහිත නිවාඩු ලබාදෙමින් හෝ වැටුප් කප්පාදු පනවමින් තම පිරිවැය අවම කරගැනීමටත් ව්‍යාපාර ආයතන ලෙස ඔවුන්ගේ ස්ථාවරය පවත්වාගෙන යාමට කටයුතු යොදා තිබේ.

බොහෝ ගුවන් සමාගම්වල සහ පොදුවේ රටවල ආර්ථිකයන්හි මූල්‍ය ශක්‍යතාව කෙරෙහි එය පෙර නොවූ විරූ බලපෑමක් ඇති කරන අතර මෙය ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ මීට පෙර උද්ගත නොවූ තත්ත්වයක් වේ.

මේ හේතුව නිසා ගුවන් සේවයේ ප්‍රධාන සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කරමින් ගෙවීම් කල් දමා ගැනීමට සහ අඩු කිරීම් සිදුකර ගැනීමට මෙන්ම දිගින් දිගටම නව ව්‍යාපාරික අවස්ථා සොයන අතරම අනෙකුත් පිරිවැයන් අවම කර ගැනීමට ක්‍රියාමාර්ගය ගනිමින් සහ ද්‍රවශීලතාවය වැඩිදියුණු කිරීමට ශ්‍රීලංකන් කළමනාකාරිත්වය සෑම උත්සාහයක්ම දැනටමත් ගෙන තිබේ.

Related posts

රුසියානු කාන්තාවට හිරිහැර කළ සැකකරුවන් රිමාන්ඩ්

Mohamed Dilsad

බස්නාහිර 1831 කට මුව ආවරණ අවවාද

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ පිළිවෙත සෑම දරුවකුටම නිසි කලට ප්‍රතිශක්තිකරණය

Mohamed Dilsad

Leave a Comment