දේශීයප්‍රමුඛ පුවත 1

අනවශ්‍ය තදබදයක් නොමැතිව විශ්‍රාම වැටුප් ගන්න

(UTV |කොළඹ ) – විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට අද හෙට අවස්ථාව හිමිවේ.

එම දින දෙකේ නොහැකි වන වන අය සදහා ලබන 06 වැනිදා පහසුකම් සලසා ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ඒ අනුව තැපැල් කාර්යාලවලින් ,ග්‍රමීය බැංකුවලින් හා රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලින් විශ්‍රාම වැටුප් ගෙවීමට පහසුකම් සලසා ඇත .

එම කටයුතු යුද හමුදාව විසින් සම්බන්ධීකරණය කරන අතර අනවශ්‍ය තදබදයක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමට ජනතාව වගබලා ගතයුතුය.

විශ්‍රාම වැටුප් ලබාගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු ග්‍රාම නිලධාරීවරුන් සහ යුද හමුදා නිලධාරින් එක්ව සිදුකරයි.

මේ අතර විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පැමිණෙන පිරිස් ප්‍රවාහනය සඳහා ලංගම බස්රථ යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

Related posts

දුම්වැටි සමඟ චීන ජාතික යුවලක් අත්අඩංගුවේ

Mohamed Dilsad

දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

ඇත්කඳුර ප්‍රදේශයෙන් වාර්තා වූ දළඹූවා “සේනා “ වර්ගය නොවේ.

Mohamed Dilsad

Leave a Comment