දේශීයප්‍රමුඛ පුවත 1

අනවශ්‍ය තදබදයක් නොමැතිව විශ්‍රාම වැටුප් ගන්න

(UTV |කොළඹ ) – විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට අද හෙට අවස්ථාව හිමිවේ.

එම දින දෙකේ නොහැකි වන වන අය සදහා ලබන 06 වැනිදා පහසුකම් සලසා ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ඒ අනුව තැපැල් කාර්යාලවලින් ,ග්‍රමීය බැංකුවලින් හා රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලින් විශ්‍රාම වැටුප් ගෙවීමට පහසුකම් සලසා ඇත .

එම කටයුතු යුද හමුදාව විසින් සම්බන්ධීකරණය කරන අතර අනවශ්‍ය තදබදයක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමට ජනතාව වගබලා ගතයුතුය.

විශ්‍රාම වැටුප් ලබාගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු ග්‍රාම නිලධාරීවරුන් සහ යුද හමුදා නිලධාරින් එක්ව සිදුකරයි.

මේ අතර විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පැමිණෙන පිරිස් ප්‍රවාහනය සඳහා ලංගම බස්රථ යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

Related posts

වලපනේ නායයෑමට හේතු වූ ගල් කොරියේ බලපත්‍රය අහෝසි කිරීමට පියවර

Mohamed Dilsad

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් පොළි අනුපාතය පහතට

Mohamed Dilsad

අන්තර් ජාලය ඔස්සේ මුද්දර ඇණවුම් කිරීමේ සේවාව අරඹයි.

Mohamed Dilsad

Leave a Comment