ප්‍රමුඛ පුවත 1

අන්තර් ජාලය ඔස්සේ මුද්දර ඇණවුම් කිරීමේ සේවාව අරඹයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ, මුද්දර කාර්යාංශය මඟින් ඊයේ (24) සිට අන්තර් ජාලය මඟින් ඇණවුම් කර ගෙන්වා ගැනීමේ සේවාව ආරම්භ කරනු ලැබුනි.

ඒ අමාත්‍ය එම්.එච්.ඒ හලිම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. මේ අනුව අන්තර්ජාලය ඔස්සේ මුද්දර සහ ඒ ආශ්‍රිත අයිතම ඇණවුම් කර ගෙන්නා ගැනීමට හැකි වේ.

ඒ අනුව ක්‍රෙඩිට් කාඩ්, ඩේබිට් කාඩ් භාවිතයෙන් මෙම ගෙවීම සිදු කළ හැකි වනවා.  එසේම ජංගම දුරකථන මෘදුකාංගයෙන් ද (Mobile App) මුද්දර මිලදී ගත හැකි ද වනවා. එසේම නව සාමාජික ගිණුම් (Standing orders) ආරම්භ කිරීම, ඒ සඳහා මුදල් ගෙවිම ආදී සේවා රැසක් නිවසේ සිටම සිදු කර ගැනීමේ හැකියාව මේ ඔස්සේ උදා වී ඇත.

මෙම අවස්ථාව සඳහා තැපැල්, තැපැල් සේවා අමාත්‍යංශයේ ලේකම් ආර්.එම්.ඩී.බි. මිගස්මුල්ල, තැපැල්පති රෝහණ අබේරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති යලි දිවයිනට

Mohamed Dilsad

නිදහස ආරක්ෂා කරගැනීමට සජිත්ව දිනවිය යුතුයි – සුනිල් පෙරේරා [VIDEO]

Mohamed Dilsad

පාතාලය, මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීමට පියවර ගන්නවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment