දේශීය

නව කොරෝනා රෝගීන් 11දෙනා ගැන තොරතුරු රැසක්

(UTV |කොළඹ ) –  ඊයේ රාත්‍රියේ අවසන් වරට තහවුරු කරගන්නා ලද කොරෝනා ආසාදිතයන් 11 දෙනා සම්බන්ධ සම්බන්ධයෙන් තොරතුරු වසංගත රෝග විද්‍යා අංශය හෙලි කර ඇත.

එම පිරිස පුත්තලමෙන් හමු කොරෝනා ආසාදිතයා සමඟ සමීපව ඇසුරු කළ පිරිස් බව එම අංශය සදහන් කරයි.

ඔහු සමඟ ඉන්දුනීසියාවේ සංචාරය කළ පස් දෙනෙකු සහ ඔවුන්ගේ ඥාතීන් මෙම එකොළොස්දෙනා අතර වේ.

එසේම මෙම පුද්ගලයාගේ බිරිඳට ද වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ රාත්‍රියේ දී තවුරුකර ගැනුණි.

කෙසේ වෙතත් මෙම ආසාදිතයන් කිසිවෙකුත් මූලික රෝග ලක්‍ෂණ කිසිවක් මේ දක්වා පෙන්වා නැති අතර නිරෝධායන කර සිටි පිරිසකගෙන් අහඹු ලෙස කරන ලද පරීක්‍ෂණවලදී මේ බව හෙලිව තිබේ.

අද පස්වරුවේ වාර්තා වූ එම ආසාදිතයන් එකොළොස්දෙනා සමග මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 143 දක්වා ඉහළ ගියේය.

Related posts

මහජන ආරක්ෂක අමාත්‍යාංශ⁣ වෙබ් අඩවියේ ආරක්ෂාව බිඳවැටුණු බවට, මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගෙන් පැමිණිල්ලක්

Editor O

ලංවීම වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරයි.

Editor O

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

Editor O

Leave a Comment