දේශීය

ගුරුවරයෙකු ඇතුළු දඩයමේ ගිය සිව් දෙනෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – දිවයින පුරාවට ඇඳිරිනීතිය පවතින අවස්ථාවේදී දඩයමේ ගිය ගුරුවරයෙක්, හිටපු ප්‍රාදේශිය දේශපාලනඥයෙක්, යුද හමුදා සෙබළෙක් ඇතුළු සිව් දෙනකු ගෝන මස් හා ගිනි අවියක් සමඟ ලග්ගල පල්ලේගම රාවණාගම ප්‍රදේශයේදී අද (31) අත්අඩංගුවට ගත් බව ලග්ගල අඩවි වන කාර්යාලය සඳහන් කරයි.

සැකකරුවන් සන්තකයේ තිබී ගෝන මස් කිලෝ 6 ක්, තලගොයි මස් කිලෝ 2 ක් සහ ගිනි අවියක් වන අඩවි නිලධාරීන් බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්ගෙන් ගුරුවරයා එම ප්‍රදේශයේම පාසලක ඉගැන්වීම් කරන පුද්ගලයකු බවත් යුද හමුදා සෙබළා නොච්චියාගම ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන එම ගම්මානයේ පදිංචි යුද හමුදා සෙබළෙක් බවත් අනාවරණය වී තිබේ.

ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

රටේ මෙතරම් අවදානම් තත්තවයක් පවතිද්දි ඇදිරිනීතිය පනවා ඇති අවස්ථාවන්හිදී මෙවැනි ක්‍රියාවන් සිදු කිරීමට සම්බන්ධයෙන් ඔවුන්ට දැඩි දඩුවම් පැනවීමට කටයුතු කරන බව ලග්ගල වන සත්ව අඩවි ආරක්ෂක ස්ථාන භාර නිලධාරී එස්.ඩබ්ලිව් සංජීව මහතා පැවසීය.

Related posts

මෙරට කොවිඩ් මරණ ගණන 240ක් වෙයි [RELEASE]

Mohamed Dilsad

ඩයනාගේ පුරවැසිභාවය ගැන විමර්ශනය කරන ලෙස CID යට නියෝගයක්

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව රැස්වෙයි | විගණකාධිපති පත් කිරීම ගැන තීරණයක් නැහැ

Editor O

Leave a Comment