දේශීය

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 7000 කට වැඩි පිරිසක් පොලිස් භාරයට

(UTV | කොළඹ) – අද (30) පෙරවරු 6 සිට පස්වරු 6.00 දක්වා වූ පැය 06 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 173 ක් අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව වාහන 24ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

ඒ අනුව මෙතෙක් පොලිස් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 7098 ක් වන අතර පොලිස් භාරයට ගෙන තිබූ සමස්ත වාහන සංඛ්‍යාව 1702 ක්.

අත්අඩංගුවට ගත් පිරිස අතර ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ද වෙයි.

Related posts

ඉන්දීය විදේශ ඇමති අද ජනපති – අගමැති හමුවෙයි

Mohamed Dilsad

විදුලිබල මණ්ඩල සේවකයින් අද විරෝධතාවක

Mohamed Dilsad

වතු ජනතාවගේ ගැටළුවලට විසඳුම් දීමට සැබෑ වුවමනාවක් තිබෙන්නේ ලංකා කම්කරු කොංග්‍රසයට පමණයි. – පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන්

Editor O

Leave a Comment