දේශීය

ජල සම්පාදනය පිලිබඳ සියලු තොරතුර SMS පණිවිඩයකින්

(UTV | කොළඹ) – ජල සම්පාදනය පිළිබඳ හදිසි බිඳ වැටීම්, ජල බිල්පතේ තොරතුරු ඇතුළු සියලු තොරතුරු කෙටි පණිවිඩයක් ඔස්සේ ලබා ගැනීමට හැකි බව ‍ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ.

ඒ අනුව ජල බිල්පතේ ගිණුම් අංකය SMS පණිවිඩයක් මඟින් 0719 399 999 අංකයට යොමු කිරීමෙන් එහි ලියාපදිංචි විය හැක.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් හඳුන්වා දී ඇති මෙම අවස්ථාවේ දී ජල කරාම විවෘතව නොතබන ලෙසත්, මේ මොහොතේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කර සැමට පානීය ජලය අඛණ්ඩව ලබා දීමට දායකත්වය ලබා දෙන ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඉල්ලා සිටියි.

Related posts

අස්වැසුමට ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහාය

Mohamed Dilsad

5000 ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ 4 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment