දේශීය

ඇඳිරි නීතිය ඉවත් කරන ‍ප්‍රදේශවලවලට යුධ හමුදාපතිගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – හෙට (30) දිනයේ ඇඳිරි නීතිය ඉවත් කරන ‍ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඇති සියලු වෙළඳ සැල් විවෘතකර තබන ලෙසට යුධ හමුදාපති ශ‍වේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටියි.

වෙළඳ සැලේ පාරිභෝගියන්ට ලබා දිය හැකි සියලු ‍දේ ඔවුන් වෙනුවෙන් ලබාදෙන ලෙසද යුද හමුදාපතිවරයා දැනුම් දෙයි.

එමෙන්ම මහජනතාව‍ වෙළඳ සැලට ඇතුළු වීමේ දී සමාජ දුරස්ථභාවය රඳවා ගනිමින් අනිවාර්යෙන්ම කටයුතු කළ යුතු බවත් අවධාරණය කරයි.

‍එකම ස්ථානයකට රැස් නොවී හැකි සෑම ස්ථානයකට ජනතාවට බෙදී යන ලෙසත් දැනුම් දෙන යුද හමුදාපතිවරයා, මෙම තත්ත්වය ඉතා භයානක බවත් ඇඳිරි නීතිය ළිහිල් කර ඇති කාලය අවභාවිතා නොකර සියලු දෙනා කටයුතු කරන ලෙසත් ජනතාවට දැනුම් දෙයි.

නොදැනුවත්ව වෛරසය ආසාදනය වු පුද්ගලයින් අසල සිටිය හැකි බැවින් ඉතා කල්පනාකාරීව තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගන්නා ‍ලෙසත් , සමාජ දුරස්ථභාවය පවත්වාගෙන සියලු දෙනා කටයුතු කිරීම සමාජ වගකීමක් බවත් යුධ හමුදාපතිවරයා අවධාරණය කරයි.

Related posts

වැඩකරන විරුවාගේ දිනය අදයි

Mohamed Dilsad

පොලී අනුපාත පහළ දැමීම බලපැවැත්වෙයි

Mohamed Dilsad

තවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කෙරේ [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment