දේශීය

තවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කෙරේ [PHOTOS]

(UTV| කොළඹ) –  කෙරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා නාවික හමුදාව මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ සහ ඔලුවිල් වරාය පරිශ්‍රයේ නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කළේය.

බුවනෙක නාවික හමුදා කඳවුරේ ගොඩනැගිලි හතරක් නිරෝධායන කටයුතු සඳහා මෙසේ සූදානම් කරනු ලැබුවේය.

මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුල පුද්ගලයින් 64 දෙනෙකු හට නිරෝධායන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දී ඇත.

මීට අමතරව ඔලුවිල් වරාය පරිශ්‍රයේ ද වරාය අධිකාරිය සතු ගොඩනැගිලි දෙකක් ප්‍රථිසංස්කරණය කර පුද්ගලයින් 80 දෙනෙකු සඳහා නිරෝධායන පහසුකම් ලබා දිය හැකි වන පරිදි නාවික හමුදාව කටයුතු කරනු ලැබුවේය.

 

Image may contain: tree, plant and outdoor

Image may contain: indoor

Image may contain: people sitting, table and indoor

Image may contain: indoor

Related posts

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් කැඳවයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවෙන් ඊයේ දිස්ත්‍රික් 20 කින් කොවිඩ් ආසාදිතයන්

Mohamed Dilsad

මේ වසරේ ගතවූ කාලය තුළ රට පුරා වෙඩි තැබීම් 67ක් : 37 ක් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment