දේශීය

වව්නියාව නගරයට ඇතුළු වන වාහන විෂබීජහරණය කෙරේ

(UTV |වව්නියාව )  – නගර වලට ඇතුළු වන වාහන විෂබීජහරණය සිදුකිරිම ආරම්භ කර තිබේ.

මේ අනුව වව්නියාව නගරයට ඇතුළුවන සියළු වාහන විෂබීජහරණය සිදු කෙරේ.

එම කටයුතු වව්නියාව ඊරට්ටපෙරියකුලම පොලිස් මාර්ග බාධකයේදී සිදුකරනු ලබයි.

වාහන වව්නියාව ඉරට්ටපෙරියකුලම මාර්ග බාධකයේදී නවත්වා විෂබීජහරණය සිදුකිරීමෙන් අනතුරුව නගරයට ඇතුළු කරනු ලබයි.

වව්නියාව දකුණ සිංහල ප්‍රාදේශීය සභාව හා වවුනියාව දකුණ සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලයේ මෙහෙයවීම යටතේ මෙය සිදු කෙරෙන අතර නගරයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම කටයුතු සිදු කරනු ලබයි.

Related posts

පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වෙයි.

Editor O

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව රැස්වෙයි | විගණකාධිපති පත් කිරීම ගැන තීරණයක් නැහැ

Editor O

මධ්‍යස්ථාන 17 ක් තුළ පුද්ගලයින් 2463 ක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment