දේශීය

අවසන් රෝගීයා දක්වා වියදම් කරනවා – ඩඩ්ලි කියයි

(UTV |පොළොන්නරුව) –   කොරෝනා රෝගීන්ට අවශ්‍ය වියදම් දැරීම  අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා භාර ගනී.

පොලොන්නරුව වැලිකන්ද පිහිටා ඇති කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන සියලු රෝගීන් සහ ඊට ඇතුළු කරන සියළුම රෝගීන් වෙනුවෙන් රජය දරන සියලුම වියදම් අද දින සිට තමන් භාර ගන්නා බව ඔහු පවසා තිබේ.

එම රෝහලට අවශ්‍ය උපකරණ තොගයක් තම පුද්ගලික වියදමින් ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ලංකාවේ කුමන ප්‍රදේශයකින් වුවද කොරෝනා වෛරසය ආසාදනය වී වැලිකන්ද රෝහලට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු වෙනුවෙන්ම අවසන් රෝගියා දක්වා තමන් සියලු  ප්‍රතිකාර වියදම් දරන බවද ඔහු සඳහන් කළේය.

Related posts

සඳ ගැන අලුත් තොරතුරු කිහිපයක් අනාවරණය වෙයි

Editor O

අද සිට නැවතත් විදේශිකයන්ට ඉන්දියාවට ඇතුලුවීමට අවසර

Mohamed Dilsad

22 වනදා සිට විශ්ව විද්‍යාල කටයුතු ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment