ක්‍රීඩාදේශීය

ජනතාවට ආහාර බෙදන්න සංගා කළ ඉල්ලීම

(UTV |කොළඹ) – මේ දිනවල රටේ ජනතාවට ආහාර බෙදා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩසටහනට සම්බන්ධ වෙමින් කුමාර් සංගක්කාර ආහාර රැගෙන යන වාහනයක රියදුරු ලෙස සහය දැක්වීමට ඉදිරිපත් වන බව අපට වාර්තා විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර අද (26) උදෑසන තලංගම පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දෙමින් මෙම ඉල්ලීම කර තිබේ.

ඔහු මේ ඇමතුම ලබාදී ඇත්තේ තලංගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති වරයාටයි.

ඒ ඇමතුමෙන් ඔහු සඳහන් කර ඇත්තේ තව දෙකකින් තමන්ගේ ස්වයං නිරෝධානය කටයුතු අවසන් වන නිසා ඉන් පසුව මෙම ආහාර බෙදා දෙන වාහන වල රියදුරෙකු ලෙස කටයුතු කිරීමට සුදානම් බවයි.

එය විශ්වාස නොකළ ස්තානාධිපතිවරයා නැවත ඔහුගෙන් විමසා ඇත්තේ ඔහු රියදුරෙකු එවන බව පැවසුවේද යනුවෙනි.

කෙසේ වෙතත් සංගාගේ මෙම දුරකථන ඇමතුම පිළිබඳව තලංගම පොලිසියේ නිලධාරියෙකු සිය මුහුණු පොතේ මෙලෙස සටහනක් තබා තිබුණි.

 

Related posts

එතනෝල් ප්‍රවාහනය කළ සැරයන්වරයාගේ වැඩ තහනම් කෙරේ [UPDATE]

Mohamed Dilsad

මිත්‍යාදෘෂ්ටිය හේතුවෙන් කුඩා දරුවෙකු මියයයි

Mohamed Dilsad

ජනාධිපති කොමිසමේ ලේකම්වරිය අධිකරණයට භාර වෙයි

Mohamed Dilsad

Leave a Comment