දේශීය

මැනිං වෙළඳපලේ නොසන්සුන් තත්වයක්

(UTV |කොළඹ ) – එළවළු වැඩි මිලට අලෙවි කිරීම හේතුවෙන් කොළඹ මැනිං වෙළඳපලේ අද (26) උදෑසන නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබේ.

බොහෝ එළවළු තොග ලෙස අලෙවි වූයේද, කිලෝග‍්‍රෑම් 01 ක් රුපියල් 250 ක් හෝ ඊට වඩා වැඩි මිලකටයි.

පසුව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පැමිණ මැනිං වෙළඳපල පොදු වෙළඳ සමිතියේ නියෝජිතයින් සමග මේ පිළිබඳ සාකච්ඡා කර ඇත.

අනතුරුව මැනිං වෙළඳපලේ එළවළු වෙළඳාම සඳහා උපරිම තොග මිලක් නියම කර අදාළ මිල දර්ශකය ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් ප‍්‍රචාරය කළ බවට වාර්තා වේ.

Related posts

ලබන 12 දා සිට බස්නාහිර උපකාරක පංති ආරම්භ කිරීමට අවසර

Mohamed Dilsad

ශ්‍රී ලංකාව තුළ බුර්කාව හෝ නිකාබය තහනම් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැහැ

Mohamed Dilsad

කොවිඩ් රෝග ලක්ෂණ ගැන අවධානයෙන් සිටින්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment