දේශීය

කොරෝනා වැළඳී සුවවූ දෙවන ශ්‍රී ලාංකිකයාත් රෝහලෙන් පිටව යයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ දෙවන ශ්‍රී ලාංකිකයාද අද සම්පූර්ණයෙන් සුවය ලබා පිටව ගිය අතර ඇය කොළඹ පදිංචි 24 හැවිරිදි තරුණියක්.

මෙම තරුණිය පසුගියදා එංගලන්තයේ සිට මෙරටට පැමිණ ඇති අතර, උණ තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් ගතවී තිබේ.

මෙරටින් වාර්තාවූ ප්‍රථම කොරෝනා වෛරසය ආසාදිත සංචාරක මගපෙන්වන්නෙකු වූ මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාද සම්පූර්ණයෙන්ම සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පෙරේදා පිටව ගියේය.

මෙරට තුළ කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව තවදුරටත් 102ක් ලෙස සටහන් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළහ.

Related posts

LTTE විත්තිකරුවන් තිදෙනෙක් නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 72,000 ඉක්මවයි

Mohamed Dilsad

කොරෝනා නව ප්‍රභේදය ආසාදිතයාගේ ආශ්‍රිතයින් කිසිවෙකුත් නැහැ

Mohamed Dilsad

Leave a Comment