දේශීය

ජනපතිගෙන් අන්තර් ජාතික මූල්‍ය ආයතනවලට ඉල්ලීමක්

(UTV | කොළඹ) – කොරෝනා තර්ජනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රාජ්‍යයන් අන්තර් ජාතික මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය කල් දැමීමේ පහසුකම් ප්‍රදානය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටින්නේ බහුපාර්ශවීය හා ද්විපාර්ශවීය ආධාර නියෝජිත ආයතනවලට මේ ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසයි.

සංවර්ධනය වෙමින් පවතින රටවලට කොවිඩි- 19 සමාජ දුරස්ථතා, මහජන සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ පද්ධති කළමනාකරණය සඳහා මේ සහනය උපකාරී වනු ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

Related posts

රන්ජන්ගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

වැඩි කළ තෙල් මිල ගැන රජයේ ස්ථාවරය

Mohamed Dilsad

විදේශ රැකියා හා සම්බන්ධ තොරතුරු සඳහා ක්ෂණික අංකයක්

Mohamed Dilsad

Leave a Comment