දේශීය

වැඩි කළ තෙල් මිල ගැන රජයේ ස්ථාවරය

(UTV | කොළඹ) – වර්තමාන තත්ත්වය යටතේ රටේ සමස්ත ආර්ථිකය කළමනාකරණය කිරීමේදී අපහසුම තීරණ වුවද ගැනීමට සිදුවන බව ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (15) පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ඒ බව පැවසීය.

මේ අතර ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ විවිධ පාර්ශ්ව විවිධ මත ප්‍රකාශ කරන බැවින් එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ, ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද යන්නය.

ඊට පිළිතුරු දුන් ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා,

“තෙල් මිල වැඩි කිරීම මුරණ්ඩුකමට කරපු දෙයක් නෙමෙයි. වර්තමානයේ තියෙන තත්ත්වයන් එක්ක රටේ සමස්ත ආර්ථිකය කළමනාකරණය කිරීමේ තත්ත්වයන් යටතේ ගත් තීරණයක්. ඒ නිසා සතුටුම තීරණ නොවන අපහසුම තීරණත් ගන්න සිද්ධ වෙනවා. ඒ අපහසු තීන්දුවක් හැටියට තමයි මම මේක දකින්නේ. මේ වගකීම අපි සියලුදෙනා භාරගත යුතුයි. හැබැයි එහෙම භාර ගත්තට පසුව ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර එක්ක එයට සවන්දීමක් කළ යුතුයි කියන මතයේ අපි ඉන්නවා. ඒ නිසා යම් යම් කණ්ඩායම්වලට සහනයක් ලබාදීමේ වැඩපිළිවෙලවල් සම්බන්ධව නිරන්තරයෙන් කතා කරනවා.”

“අනික මේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය අපේ පක්ෂයේ තරම් කොහෙවත් නෑ. ඒක හොඳ ලක්ෂණයක්. මේ රටේ ප්‍රබලම පක්ෂයක් අවසානයේ බිංදුවටම වැටෙන්න හේතුව වුණේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නැති නිසා. අපේ කුඩේ යට ඉන්නවා විශාල පිරිසක් අපේ සහයෝගයට. ඒ අයගේත් හිත් අමනාපකම් නොවන ආකාරයට කටයුතු කළ යුතුයි.”

Related posts

2030 වන විට සමස්ත විදුලිය අවශ්‍යතාවෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන්

Mohamed Dilsad

ගම්බද පාසැල් වල සනීපාරක්ෂක පහසුකම් ගැන චෝදනා

Mohamed Dilsad

ෂෙහාන් සේමසිංහගෙන් ආර්ථික ඉලක්ක 03ක්

Mohamed Dilsad

Leave a Comment