දේශීය

ගම්බද පාසැල් වල සනීපාරක්ෂක පහසුකම් ගැන චෝදනා

(UTV |කොළඹ) – කොළඹ පාසැල් තුළ සනීපාරක්ෂක කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක වුවද ගම්බද පාසැල් වලට එම කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර නොමැති බවට චෝදනා කෙරේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ සනීපාරක්ෂක කටයුතු සම්බන්ධයෙන් කතා කිරීමේදී කොළඹට කිරි ගමට කැකිරි තත්ත්වයක් දැකගත හැකි බවයි.

එනම් කොළඹ පාසල් වලට දෑත් සේදීමේ පහසුකම් උපරිමව සපයා තිබුනද ගම්බද පාසල් වලට අඩු පහසුකම් ලබා දී ඇති බවයි.

ශ්‍රේණි 3ක පමණක් අධ්‍යාපන කටයුතු පැවැත් වුවද සියලුම ගුරුවරු පාසැල් වලට ගෙන්වීම අවධානම් බව ස්ටාර්ලින් මහතා පෙන්වා දෙයි.

 

Related posts

ඉම්තියාස් බාකීර් මාකර් සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Editor O

ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන්ට විශේෂ දැනුම්දීමක්

Editor O

විසර්ජන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

Editor O

Leave a Comment