දේශීය

අත්‍යාවශ්‍ය කරුණකට හැර බැහැරට ගියොත් වරෙන්තු නොමැතිවම අත්අඩංගුවට

(UTV | කොළඹ) –  අත්‍යාවශ්‍ය සේවා හෝ අවශ්‍යතා හැර නිවසෙන් බැහැරව නොයන ලෙසත් එසේ නිවසෙන් බැහැරව ගිය හොත් වරෙන්තුවක් නොමැතිව වුවද අත්අඩංගුවට ගැනීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඒ මහතා අද (25) මේ බව පැවසීය.

ගෙවුණු පැය 24 තුළ පනවා ඇති ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයන් 420ක් අත් අඩංගුවට ගැනීමට පොලීසියට සිදු වූ බවත් වාහන 97ක් පොලීසිය භාරයට ගැනීමට සිදු වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

කොවිඩ් එන්නත් දුන් පිරිස 120,000 ට ආසන්න වෙයි

Mohamed Dilsad

මාලිමා මන්ත්‍රී ශාන්ත පද්මකුමාර ඇතුළු පිරිසකගෙන් පහර කෑවේ යැයි කියන පොලිස් නිලධාරියා අත්අඩංගුවට

Editor O

පොලීතීන් බෑග් සඳහා අද සිට බලපාන නීතිය මෙන්න

Editor O

Leave a Comment