දේශීය

ඩීසල් – පෙට්‍රල් රැගත් දුම්රිය 4 ක් අද ධාවනයට

(UTV | කොළඹ) –  ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 81,200 ක් රැගත් ටැංකි 14 කින් සමන්විත දුම්රියක් අද (23) පෙරවරු 9.00 ට කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට පේරාදේණිය දක්වා ධාවනය වූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි. 

තවත් පෙට්‍රල් සහ ඩීසල් ලීටර් 40000 අඩංගු තවත් දුම්රියක් අද දහවල් 12 ට මඩකලපුව බලා පිටත්වය යාමට සැළසුම් කර ඇතැයිද සංස්ථාව කියයි.

මීට අමතරව පෙට්‍රල් සහ ඩීසල් ලීටර් ලක්ෂ පහක් අඩංගු තවත් දුම්රියක් අනුරාධපුරයටද ගුවන් යානා ඉන්ධන ලීටර් 40500 බැගින් අඩංගු තවත් දුම්රිය දෙකක් කටුනායක ගුවන්තොටුපොළ දක්වා ධාවනය කරවීමට සැළසුම් කර තිබේ.

පසුගිය 20 වැනිදා ඇදිරිනිය පැනවීමත් සමඟ දුම්රිය ධාවනය නතර කළ පසු අද ධාවනය වන මෙම ඉන්ධන දුම්රිය පළමු දුම්රිය වෙයි.

Related posts

කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

මානව හිමිකම් මහ කොමසාරිස්ගේ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

IMF දෙවැනි වාරිකය ලැබෙන දිනය

Mohamed Dilsad

Leave a Comment