දේශීය

නිවසට ගෑස් බෙදා හැරීමේ වැඩපිළිවෙලක්

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති කාලය තුළ දී අවශ්‍ය ප්‍රමාණයට සරිලන අන්දමින් ගෑස් තොග පවතින බවත්, කිසිදු හිඟයකින් තොරව ගෑස් දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කර ඇති බවත්, ගෑස් සමාගම් පවසයි.

එම සමාගම් ප්‍රකාශ කළේ රජය සහ ආරක්ෂක අංශ එක්ව සාකච්ඡා කොට දිවයින පුරා පිහිටි ගෑස් අලෙවි නියෝජිතයින්ට ගෑස් බෙදා හැරීම සිදුකළ බවයි.

ඒ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති කාලය තුළ දී අවශ්‍ය නම් සිය නිවෙස් වෙත ද ගෑස් ප්‍රවාහනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව ලිත්‍රෝ ගෑස් සමාගමේ මධ්‍යම සහ බස්නාහිර පළාත් නියෝජිත සහ ලාෆ් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දැනුම් දි තිබේ.

Related posts

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ට වසර 04ක සිර දඬුවම්

Editor O

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් ඊයේ දිනයේදී වාර්තා වෙයි

Mohamed Dilsad

පිලිපීනයේ භූමිකම්පාවක් : සුනාමි අනතුරු ඇඟවීම්

Editor O

Leave a Comment