විදෙස්

සිංගප්පූරුවේ ප්‍රථම කොරෝනා මරණය අද වාර්තා වෙයි

(UTV | කොළඹ) – සිංගප්පූරුවේ ප්‍රථම කොරෝනා වෛරස් මරණය අද (21) වාර්තා විය.

75 හැවිරිදි සිංගප්පූරු ජාතික කාන්තාවක් එහිදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

එමෙන්ම 64 හැවිරිදි ඉන්දුනිීසියානුවෙකුද සිංගප්පූරුවේදී කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඉන්දුනීසියානු ජාතිකයා පසුගිය 13 වනදා සිංගප්පූරුවට පැමිණ ඇත්තේ එහි ප්‍රසිද්ධ රෝහලක ප්‍රතිකාර ලැබීමටයි.

මේ වනවිට සිංගප්පූරු ජාතිකයන් 385 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Related posts

ඉන්දියාවේ දරුණු නායයෑමක්

Mohamed Dilsad

ඊශ්‍රායලයේ තෙරපීමකින් 38 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

බේරූට් අගනුවරට සති දෙකක හදිසි අවස්ථාවක්

Mohamed Dilsad

Leave a Comment