දේශීය

බර ඇද්ද මන්ත්‍රීවරුන් රැසකට නාමයෝජනා අහිමි වෙයි

(UTV |කොළඹ) – පසුගිය රජයන් වලදී ඉතා කැපවීමෙන් වැඩ කල මන්ත්‍රීවරුන් රැසකට මෙවර නාමයෝජනා අහිමිව ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අතර යහපාලන ආණ්ඩු සමයේ අවස්ථා කිහිපයකදීම පැති මාරු කළ, ඩී.එස්.‌ ‌සේනානයක මහතාගේ මුනුපුරා වූ වසන්ත ‌සේනානායක මහතා හට ප්‍රධාන පක්ෂ තුනෙන් කිසිදු පක්ෂයකින් ‌හෝ නාමයෝජනා ලබා ‌දීමට හැකිව නොමැත.

එමෙන්ම ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් අටදෙනෙකුටද මෙවර ප්‍රධාන පක්ෂ තුනෙන් කිසිදු පක්ෂයකින් නාමයෝජනා හිමිව නොමැති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එම 8 ‌දෙනා වන්නේ හිටපු කතානායක කරු ජයසූරිය, ආචාර්ය සරත් අමුණුගම, වසන්ත සේනානායක, ෆයිසර් මුස්තාපා, එස්. බී. නාවින්න, නිශාන්ත මුතුහෙට්ටිගම, මොහාන්ලාල් ග්‍රේරු සහ සාගල රත්නායක යන හිටපු මන්ත්‍රීවරුන්ය.

Related posts

හිටපු පොලිස් නිලධාරියා හෙරොයින් සමග හසුවෙයි

Mohamed Dilsad

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 5ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

Leave a Comment