දේශීය

බර ඇද්ද මන්ත්‍රීවරුන් රැසකට නාමයෝජනා අහිමි වෙයි

(UTV |කොළඹ) – පසුගිය රජයන් වලදී ඉතා කැපවීමෙන් වැඩ කල මන්ත්‍රීවරුන් රැසකට මෙවර නාමයෝජනා අහිමිව ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අතර යහපාලන ආණ්ඩු සමයේ අවස්ථා කිහිපයකදීම පැති මාරු කළ, ඩී.එස්.‌ ‌සේනානයක මහතාගේ මුනුපුරා වූ වසන්ත ‌සේනානායක මහතා හට ප්‍රධාන පක්ෂ තුනෙන් කිසිදු පක්ෂයකින් ‌හෝ නාමයෝජනා ලබා ‌දීමට හැකිව නොමැත.

එමෙන්ම ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් අටදෙනෙකුටද මෙවර ප්‍රධාන පක්ෂ තුනෙන් කිසිදු පක්ෂයකින් නාමයෝජනා හිමිව නොමැති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එම 8 ‌දෙනා වන්නේ හිටපු කතානායක කරු ජයසූරිය, ආචාර්ය සරත් අමුණුගම, වසන්ත සේනානායක, ෆයිසර් මුස්තාපා, එස්. බී. නාවින්න, නිශාන්ත මුතුහෙට්ටිගම, මොහාන්ලාල් ග්‍රේරු සහ සාගල රත්නායක යන හිටපු මන්ත්‍රීවරුන්ය.

Related posts

ජැෆ්නා කිංග්ස් ට ලකුණු 21ක ජයක්

Mohamed Dilsad

අල්ලස් ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට

Editor O

තමිල්නාඩුවේ නව මහ ඇමැතිවරයා දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment