දේශීය

සිකුරාදා ජුම්මා යාඥාව දැනුම් දෙන තුරු නොපැවැත්වේ

(UTV|කොළඹ) – දිවයිනේ සියලු මුස්ලිම් පල්ලිවල සිකුරාදා (21) ජුම්මා යාඥාව නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වෙන බව සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය (ජමියතුල් උලමා සංගමය) පවසයි.

සෑම සිකුරාදාවකම විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මුස්ලිම් පල්ලිවල සිකුරාදා ජුම්මා යාඥාව පැවැත් වුවද කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් නැවත දනුම් දෙන තුරු සිකුරාදා යාඥාව සහ දිනපතා සිදු කරනු ලබන පස්වේල් යාඥාවන්ද නැවැත්වීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු සිකුරාදා දින යාඥාව මෙන්ම පස්වේල් සලාතය ඇතුළු සියලු යාඥාවන් තම තමන්ගේ නිවෙස්වලදීම සිදු කර ගන්නා ලෙසත් එම සංගමය මුස්ලිම් ජනතාවට උපදෙස් ලබා දී තිබේ.

Related posts

ඩෙංගු පිළිබඳ අවධානයට සෞඛ්‍ය අංශයෙන් උපදෙස්

Mohamed Dilsad

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය කබීර් හෂීම් ට

Editor O

තවත් කොරෝනා ආසාදිතයින් 22 ක් පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment