දේශීයව්‍යාපාරික

කොටස් වෙළඳපොළ මිනිත්තු 2 කට සීමා වෙයි

(UTV|කොළඹ) – අද (20) දින පසුගිය මාර්තු 13 වනදායින් පසු මුල් වරට විවෘත වූ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු, වෙළෙඳපොළ විවෘත වී මිනිත්තු 2කට පමණක් සීමා කර තිබේ.

මීට හේතු වූයේ S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනට සාපේක්ෂව 5% ක් ඉක්මවූ ප්‍රමාණයකින් පහත වැටීමයි.

පෙරවරු 10.00 ට දෛනික ගනුදෙනු ආරම්භ වූ අතර පෙරවරු 10.02 ට ගනුදෙනු තාවකාලිව අත්හිටුවනු ලැබීය.

යළිත් වරක් පෙරවරු 10.32 ට සාමාන්‍ය ගනුදෙනු සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත වනු ඇත.

Related posts

නිරෝධායන ගැටළු නිරාකරණය කර ගැනීමට විශේෂ දුරකථන අංකයක් [VIDEO]

Mohamed Dilsad

රට හාල් ගැන ඇමතිගෙන් තීරණයක්

Mohamed Dilsad

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment