දේශීය

කොරෝනා වැළකීමේ ජනාධිපති කාර්යසාධක බළකායේ මුලසුනට හමුදාපති පත් කෙරේ

(UTV |කොළඹ) – කොවිඩ් 19 වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම වෙනුවෙන් පත් කල ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානී ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර තිබේ.

මෙම කාර්ය සාධක බළකාය සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශ්‍ය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ගුවන් සේවා අධිකාරිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවාවන්හි ප්‍රධානීන්ගෙන් මෙම කාර්ය සාධක බළකාය සමන්විත වේ.

මෙම කාර්ය සාධක බලකාය අද පස්වරුවේ රැස්වෙන අතර ඊට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සහභාගී වීමට නියමිතය.

Related posts

හදිසි වැටලීමකින් හෙරොයින් කිලෝ 11ක් අල්ලයි

Mohamed Dilsad

කොළඹ නගරයේ වාතයේ සහ ජලයේ ගුණාත්මකභාවය ඉහළට

Mohamed Dilsad

සුළඟේ වේගය ඉහළට – ධීවරයන්ට යළිත් අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

Leave a Comment