දේශීය

කොළඹ නගරයේ වාතයේ සහ ජලයේ ගුණාත්මකභාවය ඉහළට

(UTV| කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයින තුළ පොලිස් ඇඳිරි නීතිය පැනවීමත් සමග කොළඹ නගරයේ වාතයේ සහ ජලයේ ගුණාත්මක අගයන් ඉහළ ගොස් තිබේ.

ඊයේ (04) පස්වරුවේ කොළඹ නගරයේ වායු ගුණාත්මක මට්ටම 55 දක්වා ඉහළ ගොස් ඇති බව අමෙරිකානු තානාපති කාර්යාලයේ වායු ගුණාත්මක දර්ශකයේ සඳහන්ව ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ රථ වාහන ගමනාගමනය අඩුවීම ඊට හේතුව වී ඇති අතර , පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පෙර පැවති තත්ත්වය හා සැසදීමේදී වායු දූෂණ මට්ටම විශාල වශයෙන් අඩු වී තිබේ.

කාර්මික අපජලය ජල මාර්ගවලට මුදා හැරීම නතර වීම හේතුවෙන් කැලණි ගගේ ජලයේ ගුණාත්මකභාවය ද ඉහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පසුගියදා ප්‍රකාශ කළේය.

Related posts

ග්ලයිෆොසේට් ගැසට්ටුව නිසා පළිබොධනාශක රෙජිස්ටාර්ට තනතුර අහිමි වෙයි

Mohamed Dilsad

ජංගම සහ ස්ථාවර දුරකතන, Pay TV ගාස්තු ඉහළට

Mohamed Dilsad

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ගැන විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment