දේශීය

නිරෝධායන නොවූ මෙරටට පැමිණි විදෙස් ගතවූවන් 400ක්

(UTV |කොළඹ ) – නිරෝධායන ක‍්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණි හාරසීයක පමණ පිරිසක් මේ වන විටත් රට පුරා සිටින බව සෞඛ්‍ය අංශය පවසයි.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජරාජල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ ඔවුන් අතරින්ද කිහිප දෙනෙකුට හෝ කොරෝනා වෛරසය ආසාදනය වී තිබුනහොත් තත්වය තවත් වැඩි වනු ඇති බව පැවසීය.

මේ අතර නිරෝධායන ක්‍රියාවලිය මගහරිමින් එය නිවෙස්වලට පැන ගිය ඉතාලි, ඉරාන හා දකුණු කොරියා සිට පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් කඩිනමින් තොරතුරු රැස් කරමින් සිටින බවයි.

තොරතුරු ලබාගෙන ඔවුන් නිරෝධායන කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවද පැවසීය.

Related posts

ප්‍රාථමික පන්තියක සිටිය යුතු සිසුන් ගණන වැඩි කෙරේ

Mohamed Dilsad

මෝටර් රථයක් අඩි 60ක් ගැඹුරු ගල් වළකට පෙරළී සිව්දරු පියා ජීවිතක්ෂයට

Editor O

මන්නාරම සංවර්ධනයට විශාල මුදලක් වෙන් කිරීම ගැන මන්ත්‍රී රිෂාඩ්ගෙන් ජනපතිට පැසසුම්

Editor O

Leave a Comment