දේශීය

නිරෝධායන නොවූ මෙරටට පැමිණි විදෙස් ගතවූවන් 400ක්

(UTV |කොළඹ ) – නිරෝධායන ක‍්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණි හාරසීයක පමණ පිරිසක් මේ වන විටත් රට පුරා සිටින බව සෞඛ්‍ය අංශය පවසයි.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජරාජල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ ඔවුන් අතරින්ද කිහිප දෙනෙකුට හෝ කොරෝනා වෛරසය ආසාදනය වී තිබුනහොත් තත්වය තවත් වැඩි වනු ඇති බව පැවසීය.

මේ අතර නිරෝධායන ක්‍රියාවලිය මගහරිමින් එය නිවෙස්වලට පැන ගිය ඉතාලි, ඉරාන හා දකුණු කොරියා සිට පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් කඩිනමින් තොරතුරු රැස් කරමින් සිටින බවයි.

තොරතුරු ලබාගෙන ඔවුන් නිරෝධායන කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවද පැවසීය.

Related posts

රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාල නඩුව කල් යයි

Mohamed Dilsad

කාදිනල් හිමි සියලු පක්ෂවල නියෝජනයක් සහිත නව කමිටුවක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment