දේශීය

රිය අනතුරකින් හිමි නමක් අපවත් වෙති

(UTV | කොළඹ) – ඊයේ (12) රාත්‍රියේ අරංගල්විල පොලිස් වසමේ දිඹුලාගල සොරුවිල මාර්ගයේ සොරුවිල ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් කාර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ ඉවතට පැන ගසක ගැටීමෙන් සිදුවූ අනතුරින් කාර් රථයේ ගමන් ගත් හිමිනමක් අපවත් වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

අනතුරින් තුවාල ලැබු රියදුරු සහ හිමිනම රෝහලට ඇතුලත් කිරීමේදි හිමිනම අපවත් වී තිබේ.

අපවත් වූ හිමිනම දිඹුලාගල ආරන්‍ය සේනාසනයේ වැඩ වාසය කල හිමි නමක් වන අතර අරංගල්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

විශ්වාසභංගේ නවතම තත්වය මෙන්න

Mohamed Dilsad

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නව අධ්‍යක්ෂවරයෙක්

Mohamed Dilsad

රත්නපුර – අවිස්සාවේල්ල මාරක අනතුරකින් තිදෙනෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment