දේශීය

රවී ඇතුළු පිරිසට අද හවස 4ට පෙර අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග [UPDATE]

(UTV | කොළඹ) – හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද පස්වරු 4 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

එලෙස අධිකරණය හමුවේ ඉදිරිපත් වන සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත නියෝග කළේය.

ඒ අනුව අද (13) පස්වරු 4.oo ට පෙර අධිකරණයට ඉදිරිපත් නොවන සැකකරුවන් නීතිපතිවරයාගේ සහ පොලිස්පතිවරයාගේ බලතල යටතේ ක්‍රියා කළ හැකි බවයි අභියාචනාධිකරණය දැනුම් දුන්නේය.

——————————————————————————————————————————

රවී ඇතුළු සිව් දෙනාගේ පෙත්සම් සලකා බැලීම අදයි

රවී කරුණානායක සහ අර්ජුන් ඇලොසියස් ඇතුළු සිව්දෙනෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සම් සළකා බැලීම අද (13) සිදු කිරීමට නියමිතයි.

පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ තමන් අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් තළ වරෙන්තුව බල රහිත කිරිමේ රීට් අඥාවක් නිකුත් කරන ලෙසයි.

අභියාචනාධිකරණ සභාපති ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාග වෙයි.

 

Related posts

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පාර්ලිමේන්තු විවාදයට දින නියම කරයි.

Editor O

දිස්ත්‍රික් ලේකම්වරුන් අරලියගහ මන්දිරයට

Mohamed Dilsad

නුවරඑළියේ රක්ෂිත සහ කඳු තරණය තහනම් කෙරෙයි

Mohamed Dilsad

Leave a Comment