දේශීය

කොරෝනාව සම්බන්ධයෙන් රනිල්ගෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරසය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

කොරෝනා වෛරසය මේ වන විට ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත්ව ඇති බවත් , ඇමෙරිකාව, යුරෝපය සහ අසියානු රටවල් මුහුණ දීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදයන් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවේදනයෙන් සඳහන්කර ඇත.

මෙම තත්ත්වය මත කොරෝනා වෛසරසයට මුහුණ දීම සඳහා ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කොට රජය විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

පාසල් දරුවන්ට නිවාඩු ලබා දීම එක් යහපත් පියවරක් වුවත් කෙරෝනා වෛරසයට මුහුණ දීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග කුමක් දැයි වහා ජනතාව හෙළි කළ යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

පාසල් සිසුන්ට ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පෙළපොත් සකස් කිරීමට විශේෂ කමිටුවක්

Mohamed Dilsad

මහ මැතිවරණ ගැසට් නිවේදනය බල රහිත කිරීමට තවත් පෙත්සමක්

Mohamed Dilsad

ජල සම්පාදනය පිලිබඳ සියලු තොරතුරු SMS පණිවිඩයකින්

Mohamed Dilsad

Leave a Comment