දේශීය

නාම යෝජනා බාර ගන්නා කාලය තුළ විශේෂ පොලිස් ආරක්ෂාවක්

(UTV | කොළඹ) – විශේෂ පොලිස් ආරක්ෂාවක් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගන්නා කාලය තුළ ලබා දීමට කටයුතු කර තිබේ.

අද(12) සිට එළඹෙන 2020.03.19 වන දින දහවල් 12 දක්වා දිවයිනේ පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල 22 ක දී 2020.04.25 වන දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා සිදු කිරීමට නියමිතයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් එම නාම යෝජනා බර ගන්නා ස්ථානයන් හි මහජනයා හැසිරවීමට , රථ වාහන පාලනයට විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මැතිවරණ නීති උල්ලංඝනය කරනු ලබන පුද්ගලයින් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමටත් වැඩබලන පොලිස්පති වරයා විසින් කොට්ඨාස බාර නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇතැයි ද එම නිවේදනයේ දැක්වෙයි.

Related posts

මෙරට සමස්ත ආසාදිතයන් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

දිවයින පුරා තවත් පෙරහුරු ඡන්ද 16 ක්

Mohamed Dilsad

ඉන්දියානු ගුවන් යානා සඳහා පාකිස්තාන ගුවන් කලාප තහනම මසකින් දීර්ඝ කරයි.

Editor O

Leave a Comment