දේශීය

රවී ඇතුළු සිව්දෙනාගේ රිට් ආඥා පෙත්සම් හෙට කැඳවීමට නියෝග

(UTV | කොළඹ) – බැඳුම්කර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර ඇති රවී කරුණානායක , අර්ජුන් ඇලෝෂියස් , ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීයෙකු වන සංගරපිල්ලේ පදුමනාදන් හා සේවක අර්ථසාධක අරමුදලේ නිලධාරියෙකු වන ඉන්දික සමන් කුමාර යන අය ගොණුකල රිට් ආඥා පෙත්සම් 04 ක් හෙට (11) කැඳවීමට අභියවනාධිකරණය අද (10) නියෝග කළේය.

සිය නීතිඥයන් මාර්ගයෙන් ඉදිරිපත් කළ මෙම රීට් ආඥා පෙත්සම් මගින් ඔවුන් ඉල්ලා ඇත්තේ අදාල වරෙන්තු නියෝගය අත්හිටුවන ලෙසයි.

මෙම පෙත්සම්වල වග උත්තකරුවන් ලෙස නීතිපතිවරයා , වැඩබලන පොලිස්පතිවරයා , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී. අම්පාවිල , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපතිවරයා , කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඇතුලු පිරිසක් නම් කර තිබේ.

Related posts

තෙල් මිල ගැන සිපෙට්කෝ වෙතින් ප‍්‍රකාශයක්

Editor O

ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශයට ධීවර යාත්‍රා 30 ක් ගසාගෙන යයි

Mohamed Dilsad

අගමැති උපදේශක ධූරයට ජයන්ත වීරසිංහ පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment