දේශීය

රවී ඇතුළු සිව්දෙනාගේ රිට් ආඥා පෙත්සම් හෙට කැඳවීමට නියෝග

(UTV | කොළඹ) – බැඳුම්කර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර ඇති රවී කරුණානායක , අර්ජුන් ඇලෝෂියස් , ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීයෙකු වන සංගරපිල්ලේ පදුමනාදන් හා සේවක අර්ථසාධක අරමුදලේ නිලධාරියෙකු වන ඉන්දික සමන් කුමාර යන අය ගොණුකල රිට් ආඥා පෙත්සම් 04 ක් හෙට (11) කැඳවීමට අභියවනාධිකරණය අද (10) නියෝග කළේය.

සිය නීතිඥයන් මාර්ගයෙන් ඉදිරිපත් කළ මෙම රීට් ආඥා පෙත්සම් මගින් ඔවුන් ඉල්ලා ඇත්තේ අදාල වරෙන්තු නියෝගය අත්හිටුවන ලෙසයි.

මෙම පෙත්සම්වල වග උත්තකරුවන් ලෙස නීතිපතිවරයා , වැඩබලන පොලිස්පතිවරයා , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී. අම්පාවිල , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපතිවරයා , කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඇතුලු පිරිසක් නම් කර තිබේ.

Related posts

මතුගම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවන්න සහාය ඉල්ලා, මාලිමාවෙන් ලක්‍ෂ 80ක් දෙන්න ආවා..- ස්වාධීන මන්ත‍්‍රී මාධ්‍ය හමුවක

Editor O

ඩොලරය 310ට නඟියි

Mohamed Dilsad

කොරෝනා නිසා පොලිස් ස්ථාන දෙකක් වැසේ

Mohamed Dilsad

Leave a Comment