ප්‍රමුඛ පුවත 1විදෙස්

ඉතාලියේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

(UTV |ඉතාලිය) – ඉතාලියේ කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව සංචාරකයින් පැමිණීම සීමා කිරීම් සහ ජනතාව ඒකරාශිවීම් ඇතුළු රටපුරා ක්‍රියාත්මක වැඩසටහන් තාවකාලිකව ඇත හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් එරට අග්‍රාමාත්‍ය ගුසෙප් කොන්ටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නිවෙස් වල රැඳී සිටිමින් අත්‍යවශ්‍ය ගමන් සඳහා පමණක් යොමු වන ලෙසයි.

වඩාත් අවදානම් සහිත පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර සැලසුම් කර ඇති බව ඔහු පැවසීය.

ඉතාලියේ කොරෝනා වයිරස් මරණ සංඛ්‍යාව ඊයේ(10) වන විට 366 සිට 463 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉතාලි කලාප 20 තුළම මෙම වෛරසය පැතිර යන බව තහවුරු වී ඇත.

Related posts

ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනය සලකා බැලීම අද

Mohamed Dilsad

සුදු වෑන් සිද්ධිය මෙහෙයවනු ලැබූ පිරිස් නිතිය හමුවට [VIDEO]

Mohamed Dilsad

කිරිපිටි ආනයනය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment