ව්‍යාපාරික

වසරේ දැවැන්තම තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය හෙටින් ඇරඹේ

(UTV| කොළඹ) – අධ්‍යාපන අමාත්‍යංශය ,උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය සහ එම අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක රාජ්‍ය පර්යේෂණ ආයතන, විශ්වවිද්‍යාල සහ පෞද්ගලික අංශයේ සහයෝගීතාවෙන් සංවිධාන කරන වසරේ දැවැන්තම තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය INNOTECH 2020 හෙටින් (11) ආරම්භ වීමට නියමිතය.

මෙම ප්‍රදර්ශනය මාර්තු 14 දක්වා හෝමාගම, පිටිපන අධි තාක්ෂණ හා නවෝත්පාදන නගර පරිශ්‍රයේ දී පැවැත්වේ.

සමාජයේ සියලු ස්තරයන්හි විද්‍යා හා තාක්ෂණ සාක්‍ෂරතාව ප්‍රවර්ධනය කරවීමත්, අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය පර්යේෂණ ආයතනයන්හි සහ විශ්ව විද්‍යාලන්හි පර්යේෂණ හා සංවර්ධන අංශවල පර්යේෂණ හරහා බිහිවන නව දැනුම සහ සොයාගැනීම් ප්‍රදර්ශනය කිරීමත් යන ප්‍රමුඛ පරමාර්ථයෙන් “ INNOTECH 2020” ප්‍රදර්ශනය පැවැත්වේ.

ශ්‍රී ලංකා නිනිති තාක්ෂණ ආයතනය, NSBM හරිත සරසවිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය තාක්ෂණ පීඨය, මහින්ද රාජපක්ෂ ජාතික පාසල සහ මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව යන පරිශ්‍රවල දී පැවැත්වෙන ප්‍රදර්ශනය අධ්‍යාපනික කලාපය, නවෝත්පාදන කලාපය සහ පර්යේෂණ හා සංවර්ධන කලාපය ලෙස ප්‍රධාන කලාප තුනකින් සමන්විත වේ.

ප්‍රදර්ශනය පැවැත්වෙන දින හතර පුරා පෙරවරු 9.00 සිට පස්වරු 10.00 දක්වා එය විවෘතව තැබෙන අතර ඇතුළත්වීමට කිසිදු මුදලක් අය නොකෙරේ.

Related posts

වත්මන් ආණ්ඩුවෙන් පනවා ඇති බදු ගෙව්වොත්, ඇඟලුම් සේවකයන් ලක්ෂ තුනහමාරකගේ රැකියා අවධානමේ

Editor O

සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

සහල් මිල යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment