දේශීයප්‍රමුඛ පුවත 1විදෙස්

කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් ලෙස නම් කරයි

(UTV | කොළඹ) – කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ලෝකය පුරා පැතිරයාම සැලකිල්ලට ගනිමින් එය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්හ.

චීනය සහ ඉතාලිය හැරුණු කොට කොරෝනා වෛරස් මරණ වැඩිම සංඛ්‍යාවක් එනම් 237ක් වාර්තා වන්නේ ඉරානයෙන්.

වෛරසය තවදුරටත් පැතිරීමේ අවදානම වළක්වා ගැනීමට ඉරානය එරට බන්ධනාගාරවල සිටින සිරකරුවන් 70,000 ක් පමණ මුදා හැර තිබේ.

ඉරාන අධිකරණ ප්‍රධානී ඊබ්‍රාහිම් රයිසි ප්‍රකාශ කළේ සමාජයේ අනාරක්ෂිතභාවයක් නිර්මාණය නොවන ආකාරයෙන් ඔවුන් නිදහස් කළ බවයි.

ඉරානයේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව ද 7161 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස් මරණ 3892ක් වාර්තා වන අතර, ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ එක්ලක්ෂ 11,228ක් ලෙසයි.

Related posts

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියපු කතාව

Mohamed Dilsad

සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයක් වෙතට නිරෝධායන මධ්‍යස්ථානයකට යෝජනා

Mohamed Dilsad

රටේ ආර්ථිකය නඟා සිටුවීමට විශේෂ වැඩපිළිවෙලක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment