දේශීය

සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයක් වෙතට නිරෝධායන මධ්‍යස්ථානයකට යෝජනා

(UTV| කොළඹ) – දිවයිනේ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයකම නිරෝධායන මධ්‍යස්ථානයක් බැගින් ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය රජයට යෝජනා කර තිබේ.

පවතින තත්ත්වය හමුවේ කොරෝනා ආසාදිත බවට සැක සමහර පුද්ගලයින් නිරෝධායනය කිරීමට ඔවුන්ගේ නිවාස වල ඉඩ කඩ ප්‍රමාණවත් නොවන අවස්ථා ඇති බැවින් මෙම ඉල්ලීම කළ බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

එමෙන්ම , මෙම දිනවල ප්‍රයෝජනයට නොගන්නා ගොඩනැගිලි මේ සඳහා සකසා ගත හැකි බවට ද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය යෝජනා කරයි.

Related posts

ලෝක සංචාරක දිනය සමරමින් කලම්බෝ ට්‍රැවල්මාර්ට් වන් ගෝල්ෆේස්හිදී උත්කර්ෂවත් ලෙස ඇරැඹේ

Editor O

තවත් කොවිඩ් මරණ තුනක්

Mohamed Dilsad

නාවික හමුදාව විසින් විෂබීජහරණ කුටියක් හදුන්වා දෙයි

Mohamed Dilsad

Leave a Comment