දේශීයප්‍රමුඛ පුවත 1

විදෙස් රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයින් 179ක් නිරෝධායනයට යොමු කරයි

(UTV | කොළඹ) – දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට ශ්‍රී ලාංකිකයින් 179ක් සහ දකුණු කොරියානු ජාතිකයින් දෙදෙනෙකු අද (10) අලුයම ගුවන් මගින් දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් මඩකලපුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට නියමිත බව ගුවන්තොටුපල බලධාරීන් පවසයි.

මේ අතර ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට ගුවන් මගින් පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීමේ කටයුතු අද සිට සිදු කෙරේ.

ඒ අනුව එලෙස පැමිණෙන මගීන් මෙලෙස නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත යොමු කෙරෙන බව සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Related posts

හිටපු ජනාධිපති පත්කළ කොමිසමේ කාල සීමාව දීර්ඝ කරයි [VIDEO]

Mohamed Dilsad

රවීගේ දියණියට අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

සංශෝධිත 22 අද පාර්ලිමේන්තුවේ විවාදයට

Mohamed Dilsad

Leave a Comment