දේශීය

ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන ආකාරයට පවතින වියළි කාලගුණය හේතුවෙන් ගම්පහ , කළුතර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා එල්ල වී ඇත.

එම ප්‍රදේශවල ජනතාවට බවුසර් මගින් ජලය ලබාදීම ආරම්භ කර ඇති බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආර්.එච්. රුවිනිස් සඳහන් කරයි.

ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඔහු ජනතාවට දැනුම් දෙන්නේය.

වියළි කාලගුණය තවදුරටත් පැවතියහොත් බදුල්ල , මහියංගනය , කුරුණෑගල ඇතුළු ප්‍රදේශ රැසකට ජලය ලබාදීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

වියළි කාලගුණය හේතුවෙන් යම් ප්‍රදේශයක පානීය ජල ගැටලුවක් ඇතිවුවහොත් ඒ පිළිබඳ තොරතුරු 1939 දුරකතන අංකයට දැනුම් දෙන්නැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීම් කරයි.

Related posts

රන් පවුමක මිල දෙලක්ෂ පනස් දහස ළඟාවෙයි…

Editor O

ඇදිරි නීතිය කඩ කල තවත් 1245ක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසලට ගුවන් පාලම් දෙකක්

Mohamed Dilsad

Leave a Comment