දේශීය

ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන ආකාරයට පවතින වියළි කාලගුණය හේතුවෙන් ගම්පහ , කළුතර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා එල්ල වී ඇත.

එම ප්‍රදේශවල ජනතාවට බවුසර් මගින් ජලය ලබාදීම ආරම්භ කර ඇති බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආර්.එච්. රුවිනිස් සඳහන් කරයි.

ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඔහු ජනතාවට දැනුම් දෙන්නේය.

වියළි කාලගුණය තවදුරටත් පැවතියහොත් බදුල්ල , මහියංගනය , කුරුණෑගල ඇතුළු ප්‍රදේශ රැසකට ජලය ලබාදීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

වියළි කාලගුණය හේතුවෙන් යම් ප්‍රදේශයක පානීය ජල ගැටලුවක් ඇතිවුවහොත් ඒ පිළිබඳ තොරතුරු 1939 දුරකතන අංකයට දැනුම් දෙන්නැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීම් කරයි.

Related posts

නිරෝධායන නීති කඩමින් අත්අඩංගුවට පත්වූවන් 80,000 ට ආසන්නයි

Mohamed Dilsad

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය ඇරඹේ

Mohamed Dilsad

යාපනය මව්බිම ජනතා පක්ෂ කාර්යාලයට ගිනි තියලා (වීඩියො)

Editor O

Leave a Comment